ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ ජීවත් වන අප එක් සතෙකුගේ ජීවිතය විනාශ කොට තවකෙකුට සහනය උදා කිරීමට කිසිවිටෙක කැමති නොවන්නෙමු.

සුනඛයන් විනාශ කරමින් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා පිළියම් සොයමින් අතීතය පුරා කළ ව්‍යායාමයන් සාර්ථක නොවීම හා සුනඛයන් මරා දැමීම නොකළ යුතුය යන විරෝධය නිසා මේ වන විට සුනඛ ගහණ පාලනය උදෙසා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ලංකාවේ බොහෝ පළාත් තුළ ඉතාමත් සාර්ථකව සිදු කරමින් පවතී. 2008 වසරේදී සුනඛයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වන්ධ්‍යාකරණය කළ අතර 2009 වසරේ මේ වනවිටත් සුනඛයන් 170,000 පමණ වන්ධ්‍යාකරණය කොට ඇත. (අප සංගමය විසින් සිදුකරන ලද වන්ධ්‍යාකරණ සංඛ්‍යාවන් පිළිබඳව විස්තර පහත වගුවල ඇත.

2008 Statistics

District Under Govt. Project With NGO Our Vet Clinics Responsible Citizens Total
Kandy 10209 2859 1778 1365 16211
Nuwara Eliya 20620   93 180 20893
Kegalle 10415 204 418 103 11140
Matale 16028     507 16535
Ratnapura 15706   1287   16993
Badulla 5829   289   6118
Kurunegala 8326 96     8422
Gampaha   756   474 1230
Galle   339     339
Matara   161     161
Colombo       813 813
Anuradhapura       1302 1302
Total 87133 4415 3865 4744 100157

2009 Statistics

District Under Govt. Project With NGO Our Vet Clinics Responsible Citizens Total
Rathnapura 34770       34770
Kegalle 14290       14290
Badulla 6250       6250
Kurunegala 39291       39291
Matale 15408       15408
Nuwara Eliya 6410       6410
Kandy 14467 432 387   15286
Batticaloa 3235       3235
Anuradhapura     67 134 201
Colombo   38     38
Total 134121 470 454 134 135179

2008 වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් සුනඛයන් සපාකෑමෙන් පසු මිනිසුන්ට ලබාදෙන ඇස්තමේන්තු කළ එන්නත් සඳහා වැයවූ මුදල රුපියල් 413,166,297 ක් වන අතර 2010 වසර සඳහා මෙම ඇස්‍තමේන්තු කළ එන්නත් සඳහා වැයවන මුදල රුපියල් 158,143,032 කි. මේ අනුව මෙම මුදල රුපියල් 214,854,761 ක විශාල ප්‍රමාණයකින් අඩුවී ඇත.

chart1

Number of Estimated Human Vaccines

chart2

Value of Estimated Vaccines

මේ අනුව 2008 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනේ ඍජු බලපෑම මත මෙම විශාල මුදල් ප්‍රමාණය රටට ඉතිරිවූ බව පිළිගත යුතු සත්‍යයකි. මෙම ජයග්‍රහණයේ ගෞරවය ගරු ජනාධිපතිතුමාටත්, ගරු සෞඛ්‍ය ඇමතිතුමාටත්, සෞඛ්‍ය කාර්යමණ්ඩලයටත් හිමි විය යුතු බව අපගේ අදහසයි.

එහෙත් මේ වන විට මෙම ජයග්‍රහණය ආපසු හැරවීම උදෙසා රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුත් සුනඛ අයිතිවාසිකම් වෙනුවෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් තමන්ගේ මඩිය තර කරගන්නා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක කාන්තාවන් කිහිප දෙනෙකුත් එකතු වී උත්සාහ කරමින් සිටී.

මෙම‍ වස‍ර අවසන් වීමට මාස දෙකක් පමණක් ඉතුරුව තිබියදීත් චක්‍රලේඛන නිකුත් කරමින් වැඩසටහන කඩාකප්පල් කිරීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත. එක් එක් පළාත් වල රජයේ ඉහළ නිලධාරීන් නොමග යවමින් ඔවුන් වෙත සාවධ්‍ය තොරතුරු ලබාදී සමහර පළාත් වල වැඩසටහන් තාවකාලිකව අඩපණ කොට ඇත. සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු පශු වෛද්‍ය කණ්ඩායම් විසින් ඉතා අඩු පහසුකම් යටතේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිදුකරනු ලබන අතර එහි අධීක්ෂණ කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකා මහත්මීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි මහතුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

මෙම වැඩසටහන ඉතා හොඳින් සැලසුම් සහගතව විනිවිදභාවයෙන් යුතුව සාර්ථකව කරගෙන යන බව අප සැමගේ අදහසයි. මේ සම්බන්ධයෙන් යම්කිසි අයෙකුට ගැටළුවක් පවතී නම් ඔවුන්ට ඕනෑම වෙලාවක පැමිණ වැඩසටහන අධීක්ෂණය කර සාර්ථකව ඉදිරියට කරගෙන යෑමට ලබාදෙන උපදෙස් භාරගැනීමට අප කිසිවිටෙකත් අකමැති නොවන්නෙමු.

රටට ආදරය කරන ඔබ සැමගෙන් අප ඉල්ලා සිටින්නේ යහපත් හෙට දිනක් උදා කිරීමේ උදාර අරමුණින් අප විසින් කරගෙන යනු ලබන මෙම වැඩසටහනට ඔබගේ සහයෝගය ලබාදී මෙම ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන ලෙසයි.