ජලභීතිකා රෝග මර්දනය සඳහා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන

Dr. R. M. S. D. Rathnayake (Provincial Director - North Western Province) inspecting the program. Dr. Laxman Edirisinghe (Deputy Director - Planning - North Western Province), Dr. Pradeep Walikatiya (Rabies Unit - Kurunegala District), Mr. K. D. G. Rathnayake (PHI - Giribawa) are also present.

Dr. R. M. S. D. Rathnayake (Provincial Director - North Western Province) inspecting the program. Dr. Laxman Edirisinghe (Deputy Director - Planning - North Western Province), Dr. Pradeep Walikatiya (Rabies Unit - Kurunegala District), Mr. K. D. G. Rathnayake (PHI - Giribawa) are also present.

මාරාන්තික රෝගයක් වන ජලභීතිකාව පහසුවෙන් වළක්වාගත හැකි රෝගී තත්ත්වයක් නිසා අකාලයේ මියයන වටිනා මිනිස් ජීවිත රැකගැනීමට ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් අතර සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීමේ වැඩසටහන අනාගතයට ඉමහත් ඵලදායී, ප්‍රායෝගික, ප්‍රමුඛ වැඩසටහනක් වශයෙන් හඳුන්වා දිය හැක.

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින කුඩා දිවයිනක මිනිස් ජනගහණයෙන් 8:1 වඩා වැඩි සුනඛ ගහණයක් සිටින බව සමීක්ෂණ වලින් පැහැදිළි වන අතර ඉතා කෙටි කාලයක් තුළ මෙම සුනඛ ගහණය පාලනය කිරීමට මෙම වැඩසටහන තුළින් ඍජු දායකත්වයක් දරයි.

බල්ලන්ගේ සපාකෑම් වලට ලක්වී දිනපතා රෝහල් වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා රජයට විශාල ධන සම්භාරයක් දැරීමට සිදුව ඇත. දියුණුව කරා පියමං කරන අප රටට මෙය මහා බරකි. වන්ධ්‍යාකරණය කරන ලද සුනඛයින්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පාලනය වී ඇති බැවින් බල්ලන්ගේ සපාකෑම් වලට ලක්වී රෝහල් කරා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව පැහැදිළි අඩුවීමක් පෙන්නුම් කරන නිසා ඒ සඳහා වැයවන ජාතික සම්පත් වෙනත් විපුල කාර්යයන් සඳහා යොදාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

ජලභීතිකා රෝග මර්ධන වෙනත් වැඩසටහන් වලට වඩා මෙම වන්ධ්‍යාකරණ වැඩසටහන සඳහා ප්‍රජාව හොඳින් දැනුවත් කිරීම තුළින් ප්‍රජාවගේ ඍජු දායකත්වය නොඅඩුව ලබාගැනීමට හැකිවීම මෙම වැඩසටහනේ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් දැකිය හැක.

කෙටි කාලයක් තුළ විවිධ ප්‍රදේශ වල ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනෙන් විශාල වශයෙන් සුනඛයින් වන්ධ්‍යාකරණයට ලක්කිරීමට හැකිවීම වැඩසටහනේ ඉදිරි සාර්ථකත්වයට ආරම්භයක් ලෙස දැකිය හැක.

මුළු ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ආරම්භයක් ලැබී ඇති නිසා ශ්‍රී ලංකාවෙන් ජලභීතිකාව තුරන් කිරීමේදී මෙම වැඩසටහනට අත්වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

දැනට මෙම කාර්යයේ නියැලී සිටින රාජ්‍ය නොවන සංවිධාන අතර ප්‍රමුඛයා වන මානුෂික ක්‍රම මගින් සත්ත්ව ගහණ කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව මුදල් මත යැපෙන වෙනත් සංවිධාන හා සංසන්දනාත්මකව බැලීමේදී එම සංවිධානය මුදලට සීමා නොවී ස්වෙච්ඡාවෙන් දක්වන කැපවීම් හා ප්‍රජා දායකත්වය ලබාගැනීමේදී සංවිධානය සතුව ඇති හැකියාවන් හා උපාය මාර්ගද අනිවාර්යයෙන් ප්‍රශංසාවට ලක්විය යුතුය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ජලභීතිකා රෝගය තුරන් කිරීමේ කාර්යයේදී දැනට ඒ සඳහා ඖෂධ හා වෙනත් පහසුකම් සපයන බහු ජාතික සමාගම් වලින් හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගෙන් වක්‍රව හා ඍජුව මෙම වැඩසටහන අසාර්ථක කිරීමට විවිධ උපාය මාර්ග හා බලපෑම් වෙද්දීත් සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීමට දක්වන දායකත්වය ජාතික වශයෙන් අප කවුරුත් අගය කළ යුත්තකි.

ජාතික සම්පතක් වශයෙන් මෙම වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයෑම සඳහා රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේද මනා සහයෝගයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් මෙම වැඩසටහන තවතවත් දිරිමත් කිරීමට ඉවහල් වනු ඇත.

විවිධ දුෂ්කරතා හා අවම පහසුකම් මැද අව් වැසි පිණි නොබලා සංවිධානයේ පශු වෛද්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එකාමෙන් එක්ව ජනතාවගේ සුවසෙත සඳහා ක්‍රියාත්මක කරන සුනඛයින් වන්ධ්‍යාකරණ වැඩසටහනේ කාර්යයන් ජනතාවගේ ප්‍රශංසාවට හා ගෞරවයට ලක් වන අතර සම්පත් ඉතිරිකිරීමේදී ජාතියට ලබාදෙන මහඟු සම්පතකි.

කේ. ඩී. ජී. රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක
ගිරිබාව

2 responses to “ජලභීතිකා රෝග මර්දනය සඳහා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන”

  1. Koshea Simon

    Ela Ela….. Keep on doin dis gud work…… I support ur’ll!!!!!!!!!!!!!!!

  2. Metheesha Simon

    Keep up da gud work!!!!!!!!!

Leave a Reply

Flickr Photos

Polpithigama (2)Galgamuwa MOHGalgamuwa MOHVaharae MOHGaligamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHMore Photos »

A Member of CPEC

CPEC LogoMembership No: CP/KY/2009/0003