සුනඛයන්ගේ, බළලුන්ගේ ජීවිත ගැන පමණක් නොව අහිංසක මරණය වෙත කැන්දාගෙන යන අහිංසක ගවයන්ගේ ජීවිත වලට පවා වටිනාකමක් ලබාදීමට කටයුතු කරන ඇය ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටළු නිරාකරණය කරගැනීමට පවා නිරතුරුවම දායක වෙමින් අපට ශක්තියක් විය.
2009 නොවැම්බර් මස 22 දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ වෛද්‍යවරුන් හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සවන් දීමටත්, සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීමේදී ඔවුන්ගේ ජීවිත වලට නිසි වටිනාකම ලබාදෙන දෙස ඉල්ලා සිටීමටත් ඇය අප හා එක්විය. ඇය වෙන කිසිවෙකු නොව ගරු සෞඛ්‍ය ඇමතිතුමාගේ බිරිඳ වන අයිරාංගනී ද සිල්වා මහත්මියයි. ඇය මෙන්ම නිරතුරුවම අපට ශක්තියක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාකා තිලකරත්න මහත්මියගේ වටිනා අදහස්ද පශු වෛද්‍ය එකමුතුවේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා බොහෝ වැදගත් විය.

February 7th, 2012
O comments at "අහිංසක සත්ත්ව ජීවිත සුරැකීමට සැමවිටම කැපවෙන ඔබට අපගේ උපහාරය"
Comment Now!