සුනඛ ගහණ පාලන වැඩසටහනේ ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීමට කමිටුවක් පත්කරන්න – ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවට ඉල්ලීමක්

”2008 වර්ෂයේ ආරම්භ වූ ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට ලංකාව පුරා බොහොමයක් දිස්ත‍්‍රික්ක වල ඉතාමත් සාර්ථකව ක‍්‍රියාත්මක වේ. පශු වෛද්‍යවරුන් තිස් හත් දෙනෙකුගෙන් සමන්විත අප සංවිධානය මෙම වන්ධ්‍යාකරණ වැඩසටහනෙන් 90% පමණ දායකත්වයක් දරමින් දැනට පළාත් පහක දිස්ත‍්‍රික්ක නවයක වන්ධ්‍යාකරණ කටයුතු සිදුකරයි.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව මගින් මෙම වැඩසටහන අධීක්ෂණය කොට සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීමේදී තිබිය යුතු එමෙන්ම අප වන්ධ්‍යාකරණ කටයුතු සිදුකරන ඉතා අඩු පහසුකම් යටතේ අපට අනුගමනය කළ හැකි ක‍්‍රමවේදයක් ඉදිරිපත් කරන්නේ නම් මෙම වැඩසටහන ඉතා ශක්තිමත් වන බව අපගේ අදහසයි. ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක කරගෙන යන මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට විවිධ පිරිස් දරන උත්සාහයන් පරාජය කිරීමට ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් වන ඔබගේ අදහස්, යෝජනා සහ මගපෙන්වීම අප සැමවිටම අගය කරන්නෙමු.”

ඉහත කරුණ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ ලෙස විස්තරාත්මකව සකස් කරන ලද ලිපියක් වෛද්‍ය චමිත් නානායක්කාර හා වෛද්‍ය උදය විජේවර්ධන මහත්වරුන් විසින් අද දින උදෑසන 10.00 ට ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී පශු වෛද්‍ය කෑඳරාගම මහතා වෙත භාරදෙන ලදී. එහිදී සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු වලට සම්බන්ධ වී සිටින සියලූ පශු වෛද්‍යවරුන් ගෙන්වා අවශ්‍ය උපදෙස් ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බව ලේඛකාධිකාරීතුමාගේ අදහස විය. මෙහි පිටපත් ඉදිරියේදී ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ සියලූ සාමාජික වෛද්‍යවරුන් වෙත ලබාදීමට කටයුතු කරනු ඇත.

Leave a Reply

Flickr Photos

Polpithigama (2)Galgamuwa MOHGalgamuwa MOHVaharae MOHGaligamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHMore Photos »

A Member of CPEC

CPEC LogoMembership No: CP/KY/2009/0003