වේගයෙන් පැතිරී යන Canine Distemper රෝගයෙන් සුනඛයන් ආරක්ෂා කරගනිමු

Paramyxovirus

Paramyxovirus

Canine Distemper වෛරසය සුනඛයන් අතර ඉතා ඉක්මණින් සුළඟ මගින් පැතිරී යන වෛරස් රෝගයකි. මෙම වෛරසය ආහාර ජීර්ණ පද්ධතියට, ශ්වසන පද්ධතියට හා ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි කරයි. ටික දිනක් තුළ සුනඛයන් අවාසනාවන්ත ලෙස දුක් විඳ මියයයි. මෙම රෝගය Paramyxovirus වෛරසය මගින් පැතිරේ.

ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රදේශ වල විටින් විට වසංගතයක් ලෙස පැතිරී යන මෙම රෝගය නිසා සාමාන්‍යයෙන් වසර තුනකට පමණ වරක් සතුන් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් මියයයි. එහෙත් පසුගිය වසර වල මෙම වසංගතය පැතිරී යන අවස්ථා වල පැතිරීම වැලැක්වීමට හෝ නැවත වාරයක් වසංගතයක් ලෙස රෝගය පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. අඩු තරමේ අප දන්නා පරිදි මේ සම්බන්ධව විධිමත් අධ්‍යයනයක් හෝ සිදුකොට නොමැත.

මෙම වසරේ අගෝස්තු මස පමණ සිට ටිකින් ටික හිස එසවූ මෙම වෛරස් රෝගය නිසා මේ වනවිට අනුරාධපුර, කුරුණෑගල, නුවරඑළිය දිස්ත්‍රික්ක වල විශාල වශයෙනුත්, මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වල අඩු ප්‍රමාණ වලිනුත් පන්දහසකට අධික සුනඛයින් ප්‍රමාණයක් මියගොස් ඇත. අනුරාධපුර, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල අප සංගමයේ වෛද්‍යවරුන් විසින් කරන ලද අධ්‍යයන වලට අනුව මෙම Paramyxovirus වෛරස් ප්‍රභේදය ආසාදනය වීම නිසා ඉතාම කෙටි කලකින් සතුන් මියයයි.

මෙම රෝගය වළක්වාගත හැකි සාර්ථකම හා එකම ක්‍රමය වන්නේ සුනඛයාව වසරකට වරක් එන්නත් කිරීමයි. ‍වසංගතයක් ලෙස පැතිරී යන අවස්ථා වල එයට යාබද ප්‍රදේශ වල සතුන්ට එන්නත් ලබාදීම මගින් පැතිරී යාම වළක්වා ගත හැක. 2009 නොවැම්බර් මස 10 දින සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝගය පැතිරී ඇති ප්‍රදේශ වල සතුන්ට ප්‍රතිකාර කිරීමටත්, යාබද ප්‍රදේශ වල රෝගය නොවැළඳුනු සතුන්ට එන්නත් කිරීමටත් අප සංගමයේ පශු වෛද්‍යවරුන් කණ්ඩායම් දෙකක් යැවීමට අප කටයුතු සූදානම් කොට ඇත. එහෙත් එම එන්නත් වල මිල අධික බවත්, පැතිරී යන වේගය වැඩිවීම නිසාත් ප්‍රායෝගිකව මෙම ගැටළුව විසඳීමට අප සංගමයට පමණක් තනිවම ක්‍රියාත්මක විය‍ නොහැක. සුනඛයන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරී සහභාගිත්වය මේ සම්බන්ධයෙන් ලැබෙන්නේ නම් අ‍ප ඉතා අගය කොට සලකමු.

Leave a Reply

Flickr Photos

Polpithigama (2)Galgamuwa MOHGalgamuwa MOHVaharae MOHGaligamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHMore Photos »

A Member of CPEC

CPEC LogoMembership No: CP/KY/2009/0003