2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් එහි ආරම්භය, දැනට ලබා ඇති ප්‍රගතිය හා ඉදිරියේදී ජලභීතිකා රෝගය සහමුලින්ම මුලිනුපුටා දැමීම සඳහා ඇති අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ නිළධාරින් දැනුවත් කිරීමේ හා ඔවුන්ගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් 2009 නොවැම්බර් මස 20 දින රාත්‍රී 7.00 ට කොළඹ Organization of Professionals Associations ගොඩනැගිල්ලේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය උෂාන් පල්ලේගම, භාණ්ඩාගාරික වෛද්‍ය සුමුදු කාරියවසම්, උප භාණ්ඩාගාරික වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි යන මහත්වරුන් එම සාකච්ඡාවට සහභාගී විය.








February 7th, 2012
O comments at "ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය දැනුවත් කෙරේ"
Comment Now!