ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව බිහිවේ

DSC00297-1ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහනට සම්බන්ධ සියලු දිස්ත්‍රික්ක වල පශු වෛද්‍ය නියෝජිතයන්ගේ හමුවක් 2009 නොවැම්බර් මස 22 දින කොළඹ 3 ගුරුගෙදර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වන්ධ්‍යාකරණ කටයුතු කරගෙන යෑමේදී පවත්නා ගැටළු සහ අනාගත අභියෝග ජය ගත යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර වන්ධ්‍යාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකාව පුරාම කණ්ඩායමක් ලෙස එක්වී කටයුතු කිරීමේ වැදගත්කම සැමදෙනාටම අවධාරණය වී තිබීම නිසා ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව ලෙස සංවිධානගත වීමට තීරණය විය. මෙම සංවිධානයේ කැඳවුම්කරු ලෙස වෛද්‍ය පුබුදු සමරවීර මහතා තෝරා පත්කරගන්නා ලද අතර සියලු දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයන් මෙහිදී පත්කරගන්නා ලදී. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය උෂාන් පල්ලේගම මහතාත් මෙම අවස්ථාවට සහභාගී විය.

දිස්ත්‍රික් නියෝජිතයින්

DSC00279-1 DSC00282-1 DSC00285-1 DSC00297-1 DSC00283-1 DSC00275-1 DSC00295-1 DSC00302-1 DSC00303-1

මහනුවර - වෛද්‍ය ජේ. ආර්. අනුරංග බණ්ඩාර
මාතලේ - වෛද්‍ය ඩී. ජී. යූ. සාගරතිලක
නුවරඑළිය - වෛද්‍ය කේ. එම්. මිලින්ද කොල්ලැල්පිටිය
කෑගල්ල - වෛද්‍ය නිෂාන්ත විජේසේකර
රත්නපුර - වෛද්‍ය පී. රනිල් කුමාරතිස්ස
බදුල්ල - වෛද්‍ය එස්. සමීර මලලසේකර
මොණරාගල - වෛද්‍ය එම්. ඩී. එම්. අනුර කුමාර
කුරුණෑගල - වෛද්‍ය උදය විජේවර්ධන
පුත්තලම - වෛද්‍ය ධම්මික පෙරේරා
මඩකලපුව - වෛද්‍ය කේ. කාර්තිපන්
අම්පාර - වෛද්‍ය හෙට්ටිහේවා ගමගේ
මාතර/හම්බන්තොට - වෛද්‍ය එම්. ටී. මාගමගේ
ගාල්ල - වෛද්‍ය තුෂාර සූරසේන
අනුරාධපුරය - වෛද්‍ය කේ. එස්. කණිෂ්ක
පොළොන්නරුව - වෛද්‍ය ඒ. කේ. එම්. ප්‍රනාන්දු
කොළඹ - වෛද්‍ය උපුල් දයාරත්න
ගම්පහ - වෛද්‍ය ඩබ්. එස්. කේ. ගමගේ
කළුතර - වෛද්‍ය ඩී. එස්. ප්‍රේමචන්ද්‍ර

මෙම සංවිධානය ලෙස හැකි ඉක්මණින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරින් සමග ගැටළු නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡාවක් ලබාගැනීමට තීරණය විය.

Leave a Reply

Flickr Photos

Polpithigama (2)Galgamuwa MOHGalgamuwa MOHVaharae MOHGaligamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHMore Photos »

A Member of CPEC

CPEC LogoMembership No: CP/KY/2009/0003