2009 දෙසැම්බර් මස 05 වන දින මොණරාගල නගරයේ අයාලේ යන සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය කිරීමේ පශු වෛද්‍ය සායනයක් මොණරාගල රෝහල් භූමියේ ක්‍රියාත්මක විය. අයාලේ යන සුනඛයන් ඇල්ලීම සඳහා අපගේ කණ්ඩායමක් නගරය පුරා උදෑසන සිට රාජකාරි වල නිරත විය. එදින සවස මොණරාගල නර්සින් හෝම් අසළදී සුනඛයෙකු ඇල්ලීම සඳහා නිර්වින්දන එන්නත් ලබාදුන් පසු එතැනට පැමිණි මොණරාගල නර්සින් හෝම් අධිපති රත්නායක මුදියන්සේලාගේ ආරියසිරි නැමැත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළ රාජකාරියක නිරතව සිටි අපගේ සේවකයාට කොලරයෙන් ඇද දරුණු ලෙස මුහුණට පහර දෙන ලදී. එම මොහොතේ ආරියසිරි නැමැත්තා අධික ලෙස බීමත්ව සිටි අතර මේ පිළිබඳව අප මොණරාගල පොලිසිය වෙත සවස හතරට පමණ පැමිණිල්ලක් කළ අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිතුමා පොලිස් කණ්ඩායමක් යවා ඔහුව පොලිසිය වෙත රැගෙන එන ලදී. ඔහු විසින් කරන ලද ක්‍රියාවේ බරපතලකම තේරුම්ගත් ඔහු පොලිසිය ඉදිරියේ පහරදුන් තැනැත්තාගෙන් සමාව අයැද සිටි අතර ඔහුට සිදු කළ අනතුර සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමටද එකඟ විය. නැවත වරක් එවැනි වැරදි නොකරන පොරොන්දුව මත ඔහුට සමාව ලබාදුන් අතර ඉදිරියේදී සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන් සඳහා සුනඛයන් ඇල්ලීමට යන අවස්ථා වල අපගේ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සමග කතා කළ යුතු බවද අපට හැඟුණි.
මෙම සිදුවීම සිදුවූ වහාම සිරස මාධ්‍ය ජාලයේ නිමේධ මහතාට දුරකථනයෙන් දන්වන ලද අතර මෙවැනි සිදුවීම් යළි නොවන්නට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිරස මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරයක් ලබාදීම ගැන අප ඔහුට අපගේ ස්තූතිය පුද කරන්නෙමු.
මොණරාගල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු අනෙකුත් පොලිස් නිළධාරින් අපගේ පැමිණිල්ල ලද විගසම ක්‍රියාත්මක වූ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය කටයුත්තකි. මෙවැනි ආදර්ශමත් පොලිස් නිළධාරින් පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයකි.








Membership No: CP/KY/2009/0003