2009 වසරේදී ලංකාව පුරා දිස්ත්‍රික්ක 9 ක සුනඛයන් 156,123 ක් අප සංගමයේ පශු වෛද්‍යවරුන් විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ අතර ඒ අතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුනඛයන් 46,942 ක්ද, සබරගමුව පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල සුනඛයන් 57,110 ක්ද වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලුම නිළධාරින්ගේ මනා සැලසුම්සහගත බවත්, කැපකිරීමත් නිසා මෙතරම් විශාල සතුන් ‍සංඛ්‍යාවක් වන්ධ්‍යාකරණය කරමින් ජාතික ඉලක්කය සපුරාගැනීමට වැඩි දායකත්වයක් දැක්වීමට අපට හැකිවිය. දිවා රෑ නොබලා තමන්ගේ මූලික අවශ්‍යතාවයන් වලට පවා මූලිකත්වය නොදෙමින්, ජාතික ඉලක්කයන් උදෙසා තම කාලය, ශ්‍රමය කැපකළ පශු වෛද්‍යවරුන්ට, පශු වෛද්‍ය සහයකයන්ට සංගමයේ ප්‍රණාමය පුදකරමු.

Number of Dogs Sterilized in 2009

Number of Dogs Sterilized in 2009