2016 වසරේදී ජලභීතිකා රෝගය සහමුලින්ම ලංකාවෙන් තුරන් කිරීම සඳහා ඉතාමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සැලසුම් කර මේ වන විට ක්‍රියාත්මක කරයි.
මේ සඳහා සුනඛයන් සඳහා ජලභීතිකාවෙන් වැලකීමේ එන්නත් ලබාදීම, සුනඛ අයිතිකරුවන් දැනුවත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සදහා අයිතිකරුවන් සිටින සහ අයාලේ යන සුනඛයන්ගේ බෝවීම වැළැක්වීමට වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකිරීම, ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ, දේශන, වීදි නාට්‍ය, පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්ධන ඒකකයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
සුනඛ ගහණය පාලනය කිරීම සඳහා 2008 හා 2009 වසර වල සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ඉතාමත් සාර්ථකව සිදු කළ අතර සුනඛයන් 350,000 කට වැඩි ප්‍රමාණයක් වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී.
2010 වසර සඳහා දැනට මෙම වැඩසටහන වයඹ, සබරගමුව හා උතුරු මැද පළාත් වල පමණක් ආරම්භ කර ඇති අතර වසරේ මාස තුනක කාලයක් ගෙවී ගොස් ඇතත් ඉතිරි පළාත් වල මේ සඳහා තවමත් ටෙන්ඩර්පත් ඉදිරිපත් කිරීම සඳහා මූලික කටයුතු පමණක් සිදුකරමින් පවතී. ජාතික ඉලක්කයක් කරා වේගවත්ව යා යුතු මොහොතක සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මුදල් වෙන්කොට ඇතත් තවමත් සිදුවන ප්‍රමාදය පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය ඉක්මණින් යොමුවනු ඇතැයි අපි විශ්වාස කරමු.

May 20th, 2012
O comments at "2016 වසරේදී ජලභීතිකා රෝගය සහමුලින්ම ලංකාවෙන් තුරන් කරමු – සෞඛ්‍ය අමාත්‍යාංශය"
Comment Now!