දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට වනජීවී අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී අලි ඇතුන් සඳහා නව ජාතික වනෝද්‍යාන පහක් නම් කෙරෙනු ඇති.

මුලතිව්, රන්දෙණිගල සහ හුරුළුවැව රක්ෂිත ඒ සඳහා දැනටමත් තෝරාගෙන අවසන්.

ගම්වදින අලි, වනෝද්‍යාන වලට යොමු කිරීම තුළින් අලි මිනිස් ගැටුමට පිළිගත හැකි විසඳුමක් කරා යෑම රජයේ අභිප්‍රායයි.