ජලභීතිකාව සඳහා සුනඛයින්ට ලබාදෙන එන්නත් හිඟය මේ වන විට උග්‍ර වී තිබෙනවා.

ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශ්‍ර වෛද්‍ය එකමුතුව පෙන්වා දෙන්නේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල මේ වන විට සුනඛයින් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බවයි.

විශේෂයෙන්ම මීට මාස දෙකකට පමණ පෙර සිට පළාත් සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබුණද මෙතෙක් ඊට විසඳුමක් ලැබී නැහැ.

පළාත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම එන්නත් හිඟයත් සමග දැනට මර්ධනය වී තිබෙනව ජලභීතිකා රෝගය ඉදිරියේදී හිස ඔසවනු ඇති බවයි.

ඊට අමතරව මේ හේතුවෙන් වක්‍රාකාරව රජයට අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවද ඔවුන් පවසනවා.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එන්නත් නොකළ සුනඛයින් සපාකෑමෙන් රෝහල්ගත කරන පිරිස් සඳහා ජලභිතිකා එන්නත් ලබාදීමට විශාල මුදලක් වැයවීමයි.