දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි ජනතාව දැනුවත්  කිරීමේ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජලභීතිකාව තුරන් කිරීම සදහා වූ පශු වෛද්‍ය එකමුතුව පියවර ගෙන තිබෙනවා.

 එහි සභාපති වෛද්‍ය උදය විජේවර්ධන මහතා පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි.

 විශේෂයෙන්ම දැනට වාර්ථා වන ජලභීතිකා මරණ  වැඩි ප්‍රමානයකට හේතුව රෝගය පිලිබද නිසි අවබෝදයක් ‍නොතිබීම බව ඔහු පෙන්වාදෙනවා.

 වෛද්‍ය උදය විජේවර්ධන මහතා පවසන්නේ  ජලභීතිකාව සුණඛයින් ගෙන් පමනක් බෝවන බවට සමාජය තුල පවතින මතය වෙනස් කිරීම ද මෙම වැඩපිලිවෙලේ එක් අරමුණක් බවයි.

 දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් හේතුවෙන් දෛණිකව කෙරෙණ වන්ද්‍යාකරණ සැත්කම් ප්‍රමානය අවම වී ඇති හෙයින්, ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සිටින නේවාසික වෛද්‍යවරුන් මේ සදහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.