
මස් ප්‍රවාහනයේදී පවතින නීති පද්ධතිය ශක්තිමත් නොවන බව සත්ත්ව සුභසාධන සංවිධාන අවධාරණය කරනවා.
ඔවුන් මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
සත්ත්ව සුභසාධන භාරය සහ ශ්‍රී ලංකා සත්ත්ව ආරක්ෂණ සංවිධාන ඒකාබද්දව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණා.
එහිදී සත්ත්ව සුභසාධන භාරයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ හරක් ප්‍රවාහනය කිරීමේදී පවතින නිති පද්ධතිය ශක්තිමත් බැවින් හරක් මස් ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් පෙළඹී ඇති බවයි.
මේ හේතුවෙන් අහිංසක සත්ත්ව ජීවිත රැසක් විනාශ වන බව ඔහු පෙන්වා දුන්නා.
එම නිසා ඉදිරියේදී මස් ප්‍රවාහනය කිරීමේදී දැනට පවතින නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු බව සත්ත්ව සුභසාධන භාරය පවසනවා.

May 20th, 2012
O comments at "මස් ප්‍රවාහනයේදී පවතින නීති ප්රමාණවත් නොවන බව සත්ත්ව සුභසාධන සංවිධාන පවසයි"
Comment Now!