සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය P. A. L. හරිස්චන්ද්‍ර මහතා අද (09) රත්නපුර දිස්ත්‍රික්කයේ ජලභීතිකා මර්ධන කටයුතු ඇගයීම් සංචාරයක නිරත වුණා.
මෙහිදී වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් ක්‍රියාත්මක වූ සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවී නොමැති බවයි.
එහිදී එම අවස්ථාවට සහභාගී වූ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ සංඛ්‍යාෙල්ඛන සාවද්‍ය බව පෙන්වා දුන් අතර නිවැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව කරුණු වාර්තා කළා.
අවසානයේදී වෛද්‍ය P. A. L. හරිස්චන්ද්‍ර මහතා එම නිළධාරීන්ගේ සංඛ්‍යාෙල්ඛන පිළිබඳ සෑහීමකට පත්වූ අතර ඉදිරි වසරේදී මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වන වැදගත් තීරණ කිහිපයකටද එළඹුණා.
සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලේ සාර්ථකතභාවය පිළිබඳව වෛද්‍ය P. A. L. හරිස්චන්ද්‍ර මහතාට නිසි මගපෙන්වීමක් කළ රත්නපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන්ට අපගේ ප්‍රණාමය.

May 20th, 2012
3 Comments at "රුවන්පුරේ මතගැටුම්?"
A well informed team is always appreciated. Statistics well maintained can always prove their value! Hope rest of the officials around the country also take this as an example and always divulge and support true information.
We have to appreciate the medical officers at Rathnapura district for the letting know the director of Rabies, about the sterilization program.
Dear Dr. Harischandra you are the director of Public Health Veterinary Service. Why can’t you support this valuable service and take its credit. All of you are vets. Why are you against your youngsters.
Comment Now!