සත්ත්ව ඝාතනය ට හා හිංසාවට එරෙහිව රටේ පවතින නීතී ක්‍රියාත්මක නොකරණ බව පවසමින් අද ( 02 ) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා.

 පෙත්සම සලකා බැළු අභියාචනාධිකර‍ණයේ සභාපති සත්‍යා හෙට්ටිගේ සහ D. S. C. ලේකම්වසම් යන විනිෂ්චයකාරවරුන්  අදාල වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කලා.

 එම නොතීසියට අනුව ලබන ජනවාරි 14 වන දින වගඋත්තර කරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයි.

 මෙම පෙත්සම ගොනුකල පිරිස විසින් , ආර්ථික සංවර්ධන හා පරිසර අමාත්‍යවරුන් , පොලිස්පතිවරයා,  අපරාධපරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පුද්ගලයින් 41 කු වග උත්තරකරුවන් කර තිබෙනවා.

 VETS FOR FUTURE   ආරම්භයේ සිට ඒහි පුරෝගාමීන් ලෙස කටයුතු කරණ වෛද්‍ය චමිත් නානායක්කාර සහ වෛද්‍ය උදය විජේවර්ධන යන මහත්වරුන් සත්ත්ව හිංසනය වැලැක්වීමේ සර්ව ආගමික එකමුතුව ලෙස මෙම පෙත්සමට දායක වී තිබීම විශේෂයෙන් සදහන් කල යුතුයි.