
සුරතල් සතුන්ට ලබාදිය යුතු (උදා – සුනඛයන්, පූසන්, මත්ස්‍යයින්….) ප්‍රතිකාර සහ පෝෂණ රටාවන් සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිස් වැරදි අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන බව පශු වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
පශු වෛද්‍ය රනිල් කුමාරතිස්ස මහතා පැවසුවේ නිසි ප්‍රතිකාර නොලැබීම සහ වැරදි පෝෂණ රටාවන් හේතුවෙන් වර්තමානයේ සුරතල් සතුන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවයි.
විශේෂයෙන්ම ලෙඩ රෝග සෑදීම, වර්ධනය අවම වීම වැනි තත්ත්වයන් සඳහා ඉහත කරුණු ඍජුව බලපාන බව ඔහු පෙන්වා දෙනවා.
වෛද්‍ය රනිල් කුමාරතිස්ස මහතා පවසන්නේ සුරතල් සතුන් සම්බන්ධයෙන් වන ප්‍රතිකාර සහ පෝෂණ රටා පිළිබඳව සාර්ථක වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා රට තුළ පවතින ඉඩකඩ සීමාවීම මීට ප්‍රධාන හේතුව බවයි.
ඊට අමතරව ඉහළ ජීවන වියදම සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සුරතල් සතුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති හැකියාව අවම වීම වත්මන් සමාජයේ බහුලව දැකිය හැකි කරුණක්.
එම නිසා Vets For Future වෙබ් අඩවිය සමග පැමිණි එකඟතාවයකට අනුව ඉදිරි දින කීහිපය තුළ සුරතල් සතුන් සඳහා නොමිලේ වෛද්‍ය උපදෙස් සහ පෝෂණ රටාවන් පිළිබඳ උපදෙස් ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙලකට මුලපුරන බවද වෛද්‍ය රනිල් කුමාරතිස්ස මහතා පැවසුවා.

May 20th, 2012
6 Comments at "සුරතලුන්ට නව යුගයක්"
excellent step.
This is a great opportunity to people like us.we have to visit clinics several times per week even in minor case.
Ple educate our farmers how to raring farm animals too. Our farmers neglect their productive farm animals and they don’t get the maximum production.
I am also interesting to know about this kind of basic information about pets. Good work sons.
It’s good for animals and their owners.
Of course it’s true….. specially Feeding pattern vitamin and medicinal supplementary usage and advices of so called animal breeding expertise about rearing and breeding are far behind from scientific knowledge.
Comment Now!