කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වන බවට අපේ පැරැන්නන් කියා ඇත්තේ කට කහනවට නොවේ…

එහි සත්‍යතාව අපට පසක් වුනේ දින කිහිපයකට ඉහත දී සුනඛ යින් ඝාතනය කිරීමට අමාත්‍යවරයාගේ වැඩපිළිවෙලක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගයි.

මේ වන විට අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා එම වැරැද්ද නිවැරදි කර ඇත.

නමුත් ඉන් ඉස්මතු වූ ඇතැම් සිද්ධින් අප ඔබට වාර්ථා කරමු.

ඉහල ගැටළුකාරී අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන අසාර්ථක බව හැගෙන ප්‍රකාශයක් නිකුත් කරණ ලදි.

එවිට ඇතැමුන්ගෙන් ලැබුනු ප්‍රතිචාර විශ්වාස කිරීමට පවා නොහැකි විය.

එකම ක්ෂේත්‍රයක පශු වෛද්‍යවරු තමන්ගේ සහෝදර වෛද්‍යවරුන් හෙලා දකිමින් විවිද ප්‍රකාශ කරන ලදි.

රට හුරා කන්නට බලා සිටින එන් ජී ඕ කාක්කන්ටද එම දවස් දෙක තුන රජ මගුල් විය.

නමුත් අවසානයේ සත්‍ය ජය ගැනීමත් සමග කුහකයින් යටපත් විය.

සැමදාම සත්‍ය ජය ගන්නා බව ඇතැමුන්ට මතක් කරන්නට මෙවැනි සිදුවීම් වල වටිනාකම නිම කල නොහැක.

නමුත් අවසානයේ අප සිතිය යුත්තේ කුමක්ද?

ඉදිරියේදීත් පශු වෛද්‍ය ක්ෂේත්‍රෙය් ගැටළු වලදී එකා පිට එකා කුලල් කා ගත හොත් සිදු වන්නේ ඇතැමුන්ගේ අභිප්‍රායයන් ඉෂ්ඨ සිද්ධවිමයි.

ඊට සමගාමීව රටේ අවශ්‍යතාව යටපත්ව සත්‍ය වැලලීමයි.

එකම වෘත්තියක යෙදි සිටින වෘත්තිකයින් ලෙස දැන්වත් එකමුතුව එකාවන්ව සිට ගත යුතු කාලය පැමිණ ඇත.

ඒ සදහා පෙල ගැසෙන්න….. vets for future ඉල්ලීමක්….