මීගමුව ප්‍රදේශයේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැඩි වී ඇතැයි, සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
මේ වසරේ ගත වු දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 5කි.
වසරේ ගත වු දින කිහිපය පමණක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 250ක් පමණ වේ.
මේ තත්ත්වය මත ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණි.
එහිදී පෙන්වා දුන්නේ, බස්නාහිර පළාත තුළ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට වඩා මදුරු ව්‍යාප්තිය වැඩි බවයි.


February 22nd, 2012
O comments at "මීගමුවට ඩෙංගු අවදානමක්……."
Comment Now!