තම අමාත්‍යංශය මගින් නිකුත් කල සංඛ්‍යා ලේඛන බයෙන් සැකෙන් තොරව රට ඉදිරියේ ගෙනහැර පාන්නට මැති ඇමතිවරු පසු බට වන්නේ නැත.

එහි වරදක් නොමැත.

මන්ද විෂය භාර අමාත්‍යවරයාට නිවැරදි තොරතුරු ලබා දීම අමාත්‍යංශ නිලධාරින්ගේ වගකීම බැවිනි. එය ඔවුන්ගේ රාජකාරිය ද වෙයි.

එහෙත් ජලභිතිකා මර්ධන අංශයේ මුල් බැස ගෙන සිටින නම සදහන් නොලකද ඔබ අප කවුරුත් හදුනන එක් අධ්‍යක්ෂ වරයෙකු හේතුවෙන් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මහා ඇබැද්දියකට මුහන පා සිටී.

පසුගිය 6 වනදා අමාත්‍යවරයා සියළුම ජනමාධ්‍ය ඉදිරියේ කල ප්‍රකාශයක් බොහෝ දෙනෙකු‍ විමතියට පත් කලා පමනක් නොව එලවළු කූඩ සිද්ධිය සහ උසස් පෙල ප්‍රථිපල අවුලට පසු රජයේ තවත් කළු පැල්ලමකට මුල පිරීය.

එනම් …. මහින්ද චින්තය තුලින් ම නතර කරණ ලද සුනඛ සංහාරය නැවත ඇරඹිමයි.

මේ පිළිබදව අප දැඩිව විමර්ෂණය කලේ මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා කටමැත දොඩවන අයෙකු නොවන බව අප හොදින් දන්නා නිසාය..

අපගේ විමර්ෂණයෙන් අනාවරණ වූයේ ඉහත සදහන් කල අධ්‍යක්ෂ වරයා සිය පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා ඇමති මෛත්‍රී නොමග යවා ඇති බවයි.

අමාත්‍යවරයා එදින කල ප්‍රකාශයට අනුව දිනකට සුනඛ සපා කෑම් 2000 කි…. එන්නත් සදහා කෝටි ගනනකි… මර්ධන වැඩසටහන් සියල්ල ආසාර්ථකය….. එකම විසදුම සුනඛ සංහාරයයි……

 නමුත් එහි නිවැරදි කිරීම මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු…….

දිනකට සුනඛ සපා කෑම් 2000 මෙලෙස නිවැරදි විය යුතුය.

එනම් ඉන් සියයට 20 ක් අනෙකුත් සතුන් සපා කෑම්ය උදා – පූසන්, මීයන්, දඩුලේනන් වැනි,

එවිට සුනඛ සපා කෑම් 1600 දක්වා අඩුවේ…

දිවයින පුරා පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වලින් අප ලබා ගත් දත්ත වලට අනුව   මෙම සපා කෑම් 1600 න් සියයට 95 ක් ගෘහස්තව ඇති කරණ සුනඛයින් ගේ සපා කෑම්වේ……

එවිට අයාලේ යන සුනඛයින් කරණ සපා කෑම් ප්‍රමානය දිනකට 80 කි….

අමාත්‍යවරයාගේ විසදුමට අනුව සුනඛ සංහාරය සිදු කලහොත් දිනකට සුනඛ සපා කෑම් 80 ක් අඩු කර ගත හැක……

 තම කීර්ති නාමයද විනාශ කර ගනිමින් , මහින්ද චින්තනයටද පිටුපා , සිය ආගමටද විරුද්ධ වෙමින් මෛත්‍රී ලෙස ඇති තම නමේ තේරුමද නොසලකා අමාත්‍යවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කලහොත් දිනකට සුනඛ සපා කෑම් 80 ක් අඩු කර ගත හැක ….. 1520 ක් ඉතිරිවේ….. මෙය අමාත්‍යවරයාගේ වරදක් නොව ඔහුට ව්‍යාජ දත්ත ලබා දුන් පුද්ගලයින්ගේ අනුවන කම් වල ප්‍රථිපලයකි……

 

ජලභිතිකා මර්ධනයට සහ සුනඛ සපා කෑම් අවම කිරීමට ක්‍රියාත්මක වැඩසටහන් සියල්ල අසාර්ථක බව අමාත්‍යවරයා එදිනම ප්‍රකාශ කරණ ලදි… සැලකිය යුතු කරුණ නම් එයද වැරදි තොරතුරු මත පදනම්ව සිදුකරණ ලද්දකි.

 

සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන්නේ පලාත් දෙක තුනක පමනී.

කිසිදු වසරක ජනවාරි මාසයේදී සුනඛ වන්ද්‍යකරණ වැඩසටහන දිවයිනේ සියළු පලාත් වල ආරම්භ වන්නේ නැත.

හැකි සෑම අවස්ථාවකම වැඩසටහන අකර්මන්‍ය කිරීමට එය ක්‍රියාත්මක කිරීම සදහා පත්කර ඇති ඉහත සදහන් අධ්‍යක්ෂවරයා ක්‍රියා කරයි.

 

සත්‍ය කරුණ නම්,

 

සුනඛ ගහන පාලනය කිරීමට සහ සපා කෑම් අඩු කිරීමට අති සාර්ථක වැඩසටහන් තිබේ..

නමුත් එම වැඩසටහන් දිවයින පුරා විධිමත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක නොවන බව වගකීමෙන් වාර්ථා කරමු..

 

කල යුත්තේ..,

 

සත්ත්ව සංහාරය නොව… දැනට ආරම්භ කර ඇති වැඩසටහන් කැපවීමෙන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමයි..