සත්ත්ව ලෝකයේ දි හිංසාවට පත්වන බොහෝ සතුන් ඉන් මිදීමට මිනිසුන් හමුවට පැමිණෙන අවස්ථා දැකගත හැකිය.

එවැනිම අවස්ථාවකට මුහුණ දුන් කුරුළු පවුලක් වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයෙන් හමු විය.

ලුණුවිල ප්‍රදේශයේ වෙල් යායක ජීවත් වු එම කුරුළු පවුල කාක් රංචුවකින් බාධා එල්ල වීමත් සමග ඉන් මිදීමට මෙම නිවසට පැමිණ තිබේ.

මෙතෙක් මෙම කුරුළු පවුල කුමන වර්ගයකට අයත් ද යන්න අනාවරණ වි නැත.

එම නිසා මොවුන් කුමන වර්ගයකට අයත්දැයි හදුනා ගැනීමට VETS FOR FUTURE  ඔබගේ සහය පතයි.

ප්‍රවෘත්ති පිළිබද ඔබගේ පතිචාර දක්වන ක්‍රමවේදය ඒ සදහා යොදා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.