සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභිතිකා මර්ධන අංශයේ අධ්‍යක්ෂ පී ඒ එල් හරිස්චන්ද්‍ර මහතා බුද්ධිමත් නිලධාරියෙකි.

 ඔහුගේ සුදුසු කම් කෙතරම්ද යතහොත් මෙම අධ්‍යක්ෂ ධුරයට පත්ව වසර ගනනාවකි..

 ‍රාජ්‍ය සේවය් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් නිරන්තරයෙන් ස්ථාන මාරු වීම් ලැබුවද හරිස්චන්ද්‍ර මහතා තම තනතුරේ රැදී සිටින්ගේ කිසිදු ගැටළුවකින් තොරවයි.

 ඔහු කෙතරම් කලක් මෙම තනතුරේ රැදී සිටියත් අපට කිසිදු ගැටළුවක් නොමැත.

 නමුත් ඔහුගේ ක්‍රියා කලාපය දිනෙන් දින අමාත්‍යංශය මෙන්ම අමාත්‍යවරයාද අපහසුතාවයට පත් කර තිබේ.

 පසුගියදා සුනඛ ඝාතන ය පිළිබද අමාත්‍යවරයා සිදුකල කථාබහ සදහා හරිස්චන්ද්‍ර මහතාගේ අත්තනෝමතික දත්ත හේතු නොවූවා යැයි සිතීමට තරම් සාධාරණ හේතු අපට නැත.

 මන්ද ඕනෑම අමාත්‍ය වරයෙකු යම් ක්ෂේත්‍රයක් ගැන ප්‍රකාශයක් කරන්නේ ඊට අදාල බලධාරියාගේ කරුණු මත පදනම්ව බැවිනි.

 අවසානයේ අමාත්‍යවරයාට සිදු වූයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවා පවත්වා මෙය නිවැරදි කිරීමටයි.

 හරිස්චන්ද්‍ර මහතාගේ වෛරය මේ වසරේ ආරම්භයේ දීම හොට බිම ඇන ගත් පසු අප සිතුවේ ඔහු කටමැත දෙඩවීම තාවකාලිකව හෝ නවතා දමනු ඇති බවයි.

 එහෙත් ඉන් දිනකට පසු හරිස්චන්ද්‍ර මහතා ලක්බිම පුවත් පතට කර ඇත්තේ අපූරු ප්‍රකාශයකි.

 එනම් සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන මගින් සිදු කරණ වද සැත්කම් නිසා සුනඛයින්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වී ඔවුන් මිනිසුන් සපා කෑමට පෙලබීමෙන් දිවයින පුරා සුනඛ සපා කෑම් ඉහල ගොස් ඇති බවකි.

 අප මෙය ඔබට පැහැදිලි  කර දෙන්නේ සරල සංඛ්‍යා ලේඛනයකිනි….

 සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක දෙකක පසුගිය වසර 4 ක සුනඛ සපා කෑම් අප උදාහරණයට ගනිමු.

 

                                      රත්නපුර                          කුරුනෑගල  

 

2008 වසර                 19545                                      25383

 

2009 වසර                 13034                                      22141

2010 වසර                  11174                                       19295

 

 2011 වසර                 වාර්ථා නොමැත                            16554

 

 මෙම දත්ත වලට අනුව වන්ද්‍යාකරණය සිදු කරණ ප්‍රදේශ වල සුනඛ සපා කෑම් විශාල ලෙස පහල ගොස් ඇත.

 එසේ නම් පී ඒ එල් හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රකාශය කෙතරම් වෛරී පදනමක් මත සිදු කල එකක්ද යන්න ඔබට වැටහෙනු ඇත.

 මෙම දත්ත වල නිරවද්‍යතාව සම්බන්ධයෙන් දිවයිනේ ඕනෑම විද්‍යුත් මාධ්‍යයක විවෘත සංවාදයක් සදහා VETS FOR FUTURE   සූදානම්……..