Vets for Future

Vets for Future

අවංක චේතනාවෙන් කැපවීම ජයග්‍රහණයේ දොරටුවයි

2009 වසරේදී ලංකාව පුරා දිස්ත්‍රික්ක 9 ක සුනඛයන් 156,123 ක් අප සංගමයේ පශු වෛද්‍යවරුන් විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ අතර ඒ අතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුනඛයන් 46,942 ක්ද, සබරගමුව පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල සුනඛයන් 57,110 ක්ද වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලුම නිළධාරින්ගේ මනා සැලසුම්සහගත බවත්, කැපකිරීමත් [...]

හෙට දවසේ අභියෝග ජයගැනීම උදෙසා අපි

හෙට දවසේ අභියෝග ජයගැනීම උදෙසා අපි

2009 වසරේ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනේ අප ලබාගත් ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, ‍මතුවූ ගැටළුසහගත තත්ත්වයන් මගහරවා ගනිමින් 2010 වසර තවදුරටත් සාර්ථක කරගැනීම උදෙසා ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටත් 2010-01-12 දින රාත්‍රී 7.00 ට කුරුණෑගල කුලියාපිටියේදී අප සංගමයේ සාමාජිකයන්ගේ සුහද හමුවක් පැවැත්විණි.

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික කමිටුවක් – වෛද්‍ය පාලිත මහීපාල

2009-11-24 වන දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව විසින් කරන ලද ඉල්ලීමට අනුව ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සමාලෝචනය කිරීමටත්, ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් 2009-12-18 වන දින උදෑසන 8.00 ට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙයට ජලභීතිකා රෝග මර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය [...]

සුභ නව වසරක් වේවා!

සතුන්ට ආදරය කරන, සතුන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය කැප කරන හිතාදර ඔබ සැමට සාමය සතුට ආදරය පිරි සුභ නව වසරක් වේවා!
May this year be a peaceful and happy one for you, who love animals, who dedicate their invaluable time, effort and money for protect the lives of animals.

මොණරාගල නර්සින් හෝම් අධිපතිගේ බීමතින් පහරදීම හෙලාදකිමු

2009 දෙසැම්බර් මස 05 වන දින මොණරාගල නගරයේ අයාලේ යන සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය කිරීමේ පශු වෛද්‍ය සායනයක් මොණරාගල රෝහල් භූමියේ ක්‍රියාත්මක විය. අයාලේ යන සුනඛයන් ඇල්ලීම සඳහා අපගේ කණ්ඩායමක් නගරය පුරා උදෑසන සිට රාජකාරි වල නිරත විය. එදින සවස මොණරාගල නර්සින් හෝම් අසළදී සුනඛයෙකු ඇල්ලීම සඳහා නිර්වින්දන එන්නත් ලබාදුන් පසු එතැනට පැමිණි මොණරාගල නර්සින් හෝම් [...]

ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවක් ලබාගැනීමට සෞඛ්‍ය ඇමතිතුමාට ඉල්ලීමක්

ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතු‍වේ වෛද්‍ය චමිත් නානායක්කාර 2009-11-26 වන දින ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් සහිත ලිපියක් ගරු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වෙත භාරදෙන ලදී.
එදිනම එම ලිපියේ පිටපත් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය කහඳලියනගේ, අතිරේක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය [...]

අහිංසක සත්ත්ව ජීවිත සුරැකීමට සැමවිටම කැපවෙන ඔබට අපගේ උපහාරය

සුනඛයන්ගේ, බළලුන්ගේ ජීවිත ගැන පමණක් නොව අහිංසක මරණය වෙත කැන්දාගෙන යන අහිංසක ගවයන්ගේ ජීවිත වලට පවා වටිනාකමක් ලබාදීමට කටයුතු කරන ඇය ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටළු නිරාකරණය කරගැනීමට පවා නිරතුරුවම දායක වෙමින් අපට ශක්තියක් විය. 2009 නොවැම්බර් මස 22 දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය [...]

ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව බිහිවේ

ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහනට සම්බන්ධ සියලු දිස්ත්‍රික්ක වල පශු වෛද්‍ය නියෝජිතයන්ගේ හමුවක් 2009 නොවැම්බර් මස 22 දින කොළඹ 3 ගුරුගෙදර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වන්ධ්‍යාකරණ කටයුතු කරගෙන යෑමේදී පවත්නා ගැටළු සහ අනාගත අභියෝග ජය ගත යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර වන්ධ්‍යාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකාව පුරාම කණ්ඩායමක් ලෙස එක්වී කටයුතු කිරීමේ [...]

ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය දැනුවත් කෙරේ

2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් එහි ආරම්භය, දැනට ලබා ඇති ප්‍රගතිය හා ඉදිරියේදී ජලභීතිකා රෝගය සහමුලින්ම මුලිනුපුටා දැමීම සඳහා ඇති අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ නිළධාරින් දැනුවත් කිරීමේ හා ඔවුන්ගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් 2009 නොවැම්බර් මස 20 දින රාත්‍රී 7.00 ට කොළඹ Organization of Professionals Associations ගොඩනැගිල්ලේදී පැවැත්විණි. ශ්‍රී [...]

Dog Sterilization Program – Post Evaluation / Assesment

During November 18th – 19th a team of veterinary surgeons from our association participated to a supervision tour at Giribawa MOH area in order to find out the dogs suffering from Distemper Viral Disease and to provide treatments to those diseased animals. They also conducted education programs to the community about the disease / [...]

Flickr Photos

Polpithigama (2)Galgamuwa MOHGalgamuwa MOHVaharae MOHGaligamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHMore Photos »

A Member of CPEC

CPEC LogoMembership No: CP/KY/2009/0003