Vets for Future

Author Archive

පූසන් සපාකෑම හේතුවෙන් ජලභීතිකාව වැළඳිය හැකි බවට පශු වෛද්‍යවරුන් අනතුරු අඟවනවා. මානුෂික ක්‍රම මගින් සත්ත්ව ගහණ කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ උප සභාපති වෛද්‍ය රනිල් කුමාරතිස්ස මහතා පවසන්නේ බල්ලන් සපාකෑම් වල පසුගිය වසර කිහිපයේම ක්‍රමික අඩුවීමක් පැවතියද පූසන් සපාකෑම් ස්ථාවරව පවතින බවයි. මෙයට හේතු වී ඇත්තේ ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ වැඩපිළිවෙලේදී පූසන් [...]

ඇත් රජුනි, අවසරයි!

By Vets for Future + November 26th, 2010

ගල්ගමුව ප්‍රදේශයේදී අල්ලා ගත් දැවැන්ත දළ ඇතෙකු පසුගිය 23 වනදා රාත්‍රීයේ රක්ෂිතයක් වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇත. වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතා රැගෙන ගිය ලොරි රථයේ තට්ටුව කඩා වැටීමෙන් මරණය වී ඇති බවය. රාත්‍රී 8.00ට පමණ තඹුත්තේගම ප්‍රදේශයේදී අදාළ අනතුර වී තිබේ. අනතුර වූ විගස ඇතා සියඹලන්ගමුව ප්‍රදේශයට මුදා හැර ජීවිතය බේරා ගැනීමට ගනු ලැබු [...]

දෙවන වරටත් සෞඛ්‍ය අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මැතිඳුනි ඔබට පශු වෛද්‍යවරුන්ගේ සුභපැතුම්! වැඩ පෙන්නන හය වසරකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරන්න ඔබට ධෛර්යයක් වන්නට අප සූදානම්. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යාවරයා ලෙස අභිනවයෙන් පත්වූ ලලිත් දිසානායක මැතිඳුනි ඔබටද ධෛර්යයක් වන්නට අප සූදානම්. පශු වෛද්‍යවරුන්ගේ සුභපැතුම්!

2010 වසර සඳහා සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන වයඹ, උතුරු මැද, සබරගමුව, දකුණ, ඌව හා නැගෙනහිර පළාත් හය තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට සුනඛයන් 90,841 ක් වන්ධ්‍යාකරණය කරමින් 2010 ඉලක්කය ජයග්‍රාහීව සපුරාගැනීමට සෞඛ්‍ය බලධාරීන් හා පශු වෛද්‍ය කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා. කුරුණැගල – 35,435 රත්නපුර – 9,240 කෑගල්ල – 2,955 අනුරාධපුරය – 19,800 හම්බන්තොට [...]

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුනඛයින් සපාකෑම නිසා ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දෛනිකව පහත වැටෙන බව දිස්ත්‍රික් ජලභීතිකා මර්ධන ඒකකය පවසනවා. මීට බලපා ඇති ප්‍රධානතම හේතු ලෙස  ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කෙරෙන සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල සහ සුනඛයන් සඳහා ජලභීතිකා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල බවයි.

ජලභීතිකා එන්නත් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව වැයකරන මුදල වාර්තාගත ලෙස අඩුවී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ 2008 වසරේ සිට ක්‍රියාත්මක සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙලයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ (MSD) වාර්තා වලට අනුව 2008 වසරට සාපේක්ෂව ජලභීතිකා එන්නත් ආනයනය කිරීම සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 288 කින් අඩුවී තිබීම සුවිශේෂී ජයග්‍රහණයක්. 2008 වසරේදී ජලභීතිකා එන්නත් ආනයනය [...]

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ තුනකදී පැවැත්වෙනවා. ලබන පෙබරවාරි මස මෙම තරග ආරම්භ වන අතර මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ පැවැත්වෙන තරග සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහයද ලබාගැනීම විශේෂත්වයක්. පල්ලෙකැලේ ප්‍රදේශයේ අයාලේ යන සුනඛයින්ගෙන් තරග නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ට සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා පශු වෛද්‍යවරුද එකතු කරගනිමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක [...]

Advertising:

Latest Posts

dengue face May 20th, 2012
Vetsforfuture

මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්ත විමේ අවධානමක්….

  ඉදිරියේ ආරම්භ වීමට නියමිත මෝසම් වර්ෂාවට පෙර ඩෙංගු මදු[...] Read the rest »