By Vetsforfuture + May 20th, 2012
ඉදිරියේ ආරම්භ වීමට නියමිත මෝසම් වර්ෂාවට පෙර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරණවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කලේ එවැනි ස්ථාන වල ඩෙංගු මදුරු බිත්තර තිබුණහොත් වර්ෂාවත් සමග මදුරු ගහනය වැඩි විය හැකි බවයි. ඩෙංගු මදුරු බිත්තර වියලි පරිසරයක දීර්ඝ කාලයක් [...]
By Vetsforfuture + May 19th, 2012
පසුගිය සදුදා සිට ආරම්භ වූ ඩෙංගු මර්ධන සතිය සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. බලධාරීන් පෙන්වාදෙන්නේ දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක වන බවයි. වැඩසටහන සදහා ජනතා සහයද නොඅඩුව ලැබෙන අතර විශාල ජන සහභාගීත්වයක්ද පැවති බව අමාත්‍යංශය පවසනවා. ඩෙංගු සතියේ අවසන් දිනය හෙටයි…..
By Vetsforfuture + May 18th, 2012
වන අලි පහරදීමකට විරෝධය පළ කරමින් පොළොන්නරුව ඉහළ වැව ප්‍රදේශවාසීහු අද උද්ඝෝෂණයක නිතර වූහ. එලෙස ජීවිතක්ෂයට පත් වුයේ, පුබුදුගම පදිංචිව සිටි 75 හැවිරිදි අප්පුහාමි නැමති පුද්ගලයෙකි. අරුණපුර පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද අලුයම සිට පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
By Vetsforfuture + May 17th, 2012
ජලය එක්රැස්විය හැකි ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බිත්තර දමන බව කීට විද්‍යා සමික්ෂණවලින් හෙලි වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඒ ඒ ප්‍රදේශවල පවතින පරිසර සාධක උපයෝගී කර ගනිමින් ඩෙංගු මදුරුවා බෝවීම හා ව්‍යාප්තිය සිදුකරන බව එම පරික්ෂණ සනාථ කර ඇති බවය. ඒ අනුව කෙසෙල් අතු , විවිධ ශාක පත්‍ර, රබර් කිරි රැස් කිරීම [...]
By Vetsforfuture + May 16th, 2012
අකුරු කරන්නට සිසුන් පාසලට පැමිණෙන්නටත් පෙර පොළොන්නරුවේ අරලගංවිල, අලවාකුඹුර මහා විද්‍යාල භූමියට වන අලි පිරිසක් පැමිණීමේ පුවතක් ඊයේ වාර්තා විය. සිසුන් 800ක් පමණ අධ්‍යාපනය ලබන මෙම විද්‍යාල භූමියට අදාළ වන අලි තිදෙනා පැමිණ ඇත්තේ, උදෑසන 6ත් 7ත් අතර කාලය තුළදීය. දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් වන අලි තිදෙනා පලවා හැර ඇති අතර ඒ හේතුවෙන් පාසල ආරම්භ කිරීම පැයක් [...]
By Vetsforfuture + May 15th, 2012
ඩෙංගු මර්ධනය සදහා නව ක්‍රමවේද හදුන්වා දිමේ අවශ්‍යතාව ක්ෂේත්‍රෙය් ප්‍රවිනයින් පෙන්වා දෙනවා. විශේෂයෙන් පසු ගිය කාලය තුල ක්‍රියාත්මක කෙරුණු ඒකාකාර ක්‍රමවේදයන් තුලින් ඩෙංගු මර්ධනය සදහා සුවිශේෂී දායකත්වයක් නොලැබුණු බව ඇතැමුන්ගේ මතයයි. ඒ අනුව ඩෙංගු රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා වඩාත් වෙනස් ආරක ක්‍රමවේදයන් පිළිබද ක්ෂේත්‍ර යේ ප්‍රවීනයින් මේ වන විට පර්යේෂණ ආරම්භ කර තිබේ. [...]
By Vetsforfuture + May 14th, 2012
ඩෙංගු මර්දන ජාතික සතිය අද (14) සිට ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මෙම සතිය තුළදී මදුරු මර්දන පනතේ නීති තදින්ම ක්‍රියාත්මක කරන අතර කිසියම් ආයතනයක හෝ නිවසක මදුරුවන් බෝවන ස්ථාන හෝ මදුරු කීටයින් සහිත ස්ථාන තිබී හමුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ගෙහිමියා හෝ ආයතන ප්‍රධානියා බාරගත [...]