Vets for Future » Sinhala

සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීමට ගොඩනැගිලි ඉදිකරන සමාගමක් ඉදිරිපත් වේ???
මඩකලපුව දිස්ත්‍රික්කයේ සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු සඳහා Ranjitha Motors and Building Constructions (Pvt) Ltd. නමැති පොළොන්නරුවේ ගොඩනැගිලි ඉදිකරන සමාගමක් ඉතාමත් අඩු මිලකට ටෙන්ඩර්පතක් ඉදිරිපත් කොට ඇත. පශු වෛද්‍ය සේවාවක් සැපයීම සඳහා මෙවැනි ආයතනයක් ඉදිරිපත් වීම හාස්‍යජනක සිදුවීමකි.

2008 වර්ෂයේ ආරම්භ වූ ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට අක්‍රමවත්ව ටෙන්ඩර් කැඳවීමේ හා විවිධ බලපෑම් මත නුසුදුසු පුද්ගලයන්ට ටෙන්ඩර් ප්‍රදානය කිරීමට දරන උත්සහයන් නිසා කඩාකප්පල් විය හැකි බව අපගේ අදහසයි.

සුදුසුකම් නොමැති පුද්ගලයන් ටෙන්ඩර්පත් ඉදිරිපත් කිරීම හා සුදුසුකම් සහ පළපුරුද්ද නොමැති පුද්ගලයන් සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු වල නියැලීම සම්බන්ධයෙන් 2009 නොවැම්බර් මසදී මෙම වැඩසටහනේ ගුණාත්මක භාවය අඩාල වී ජාතික වැදගත්කමක් ඇති මෙම වැඩසටහන අසාර්ථක විය හැකි බවත්, මෙම වැඩසටහන ක්‍රමවත් කිරීමට මැදිහත් වන ලෙසත් අප ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව (Sri Lanka Veterinary Council) හා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය (Sri Lanka Veterinary Association) ඉල්ලීම් කළත් මේ වන විට කිසිදු පියවරක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල මහතාට අප ලිඛිතවත්, වාචිකවත් කීප වතාවක් කරුණු ඉදිරිපත් කළ අතර ඔහුගේ අදහස වූයේ ටෙන්ඩර් වලට අදාළ කටයුතු පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට අදාල කටයුත්තක් වන අතර ඒ සඳහා අමාත්‍යාංශයට මැදිහත් විය නොහැකි බවයි.

සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම සුදුසුකම් හා පළපුරුද්ද සහිත ලියාපදිංචි පශු වෛද්‍යවරුන් විසින් කළ යුතු අතර මේ සඳහා ඉල්ලුම් කළ හැකි විය යුත්තේත්, ටෙන්ඩර්පත් ප්‍රදානය කළ යුත්තේත් සුදුසුකම් ලත් පශු වෛද්‍යවරුන්ට හා ලියාපදිංචි පශු වෛද්‍ය සේවා සපයන ආයතනය වලට පමණක් බව අපගේ අදහසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතා මුදල් විශාල ප්‍රමාණයක් යොදවමින් ආරම්භ කළ මේ ජාතික කාර්යය ක්‍රමවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙන්ඩර්පත් කැඳවීම හා ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කොට ඍජුවම මැදිහත් විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු. එසේ නොමැති නම් මෙම ජාතික වැඩසටහන නොබෝ දිනකින් ජාතික විහිළුවක් බවට පත් වනු නොඅනුමානය.

2016 වසරේදී ජලභීතිකා රෝගය සහමුලින්ම ලංකාවෙන් තුරන් කරමු – සෞඛ්‍ය අමාත්‍යාංශය
2016 වසරේදී ජලභීතිකා රෝගය සහමුලින්ම ලංකාවෙන් තුරන් කිරීම සඳහා ඉතාමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සැලසුම් කර මේ වන විට ක්‍රියාත්මක කරයි.

මේ සඳහා සුනඛයන් සඳහා ජලභීතිකාවෙන් වැලකීමේ එන්නත් ලබාදීම, සුනඛ අයිතිකරුවන් දැනුවත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සදහා අයිතිකරුවන් සිටින සහ අයාලේ යන සුනඛයන්ගේ බෝවීම වැළැක්වීමට වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකිරීම, ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ, දේශන, වීදි නාට්‍ය, පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්ධන ඒකකයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

සුනඛ ගහණය පාලනය කිරීම සඳහා 2008 හා 2009 වසර වල සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ඉතාමත් සාර්ථකව සිදු කළ අතර සුනඛයන් 350,000 කට වැඩි ප්‍රමාණයක් වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී.

2010 වසර සඳහා දැනට මෙම වැඩසටහන වයඹ, සබරගමුව හා උතුරු මැද පළාත් වල පමණක් ආරම්භ කර ඇති අතර වසරේ මාස තුනක කාලයක් ගෙවී ගොස් ඇතත් ඉතිරි පළාත් වල මේ සඳහා තවමත් ටෙන්ඩර්පත් ඉදිරිපත් කිරීම සඳහා මූලික කටයුතු පමණක් සිදුකරමින් පවතී. ජාතික ඉලක්කයක් කරා වේගවත්ව යා යුතු මොහොතක සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මුදල් වෙන්කොට ඇතත් තවමත් සිදුවන ප්‍රමාදය පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය ඉක්මණින් යොමුවනු ඇතැයි අපි විශ්වාස කරමු.

අවංක චේතනාවෙන් කැපවීම ජයග්‍රහණයේ දොරටුවයි
2009 වසරේදී ලංකාව පුරා දිස්ත්‍රික්ක 9 ක සුනඛයන් 156,123 ක් අප සංගමයේ පශු වෛද්‍යවරුන් විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ අතර ඒ අතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුනඛයන් 46,942 ක්ද, සබරගමුව පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල සුනඛයන් 57,110 ක්ද වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලුම නිළධාරින්ගේ මනා සැලසුම්සහගත බවත්, කැපකිරීමත් නිසා මෙතරම් විශාල සතුන් ‍සංඛ්‍යාවක් වන්ධ්‍යාකරණය කරමින් ජාතික ඉලක්කය සපුරාගැනීමට වැඩි දායකත්වයක් දැක්වීමට අපට හැකිවිය. දිවා රෑ නොබලා තමන්ගේ මූලික අවශ්‍යතාවයන් වලට පවා මූලිකත්වය නොදෙමින්, ජාතික ඉලක්කයන් උදෙසා තම කාලය, ශ්‍රමය කැපකළ පශු වෛද්‍යවරුන්ට, පශු වෛද්‍ය සහයකයන්ට සංගමයේ ප්‍රණාමය පුදකරමු.

Number of Dogs Sterilized in 2009

Number of Dogs Sterilized in 2009

හෙට දවසේ අභියෝග ජයගැනීම උදෙසා අපි
2009 වසරේ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනේ අප ලබාගත් ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, ‍මතුවූ ගැටළුසහගත තත්ත්වයන් මගහරවා ගනිමින් 2010 වසර තවදුරටත් සාර්ථක කරගැනීම උදෙසා ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටත් 2010-01-12 දින රාත්‍රී 7.00 ට කුරුණෑගල කුලියාපිටියේදී අප සංගමයේ සාමාජිකයන්ගේ සුහද හමුවක් පැවැත්විණි.

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික කමිටුවක් – වෛද්‍ය පාලිත මහීපාල
2009-11-24 වන දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව විසින් කරන ලද ඉල්ලීමට අනුව ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සමාලෝචනය කිරීමටත්, ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් 2009-12-18 වන දින උදෑසන 8.00 ට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙයට ජලභීතිකා රෝග මර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතාද අමාත්‍යාංශය වෙනුවෙන් සහභාගී විය. පුබුදු සමරවීර, චමිත් නානායක්කාර, උදය විජේවර්ධන ඇතුළුව ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි වෛද්‍යවරුන් දසදෙනෙකු මෙම සාකච්ඡාවට සංගමය වෙනුවෙන් සහභාගී විය.

මතුවී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කොට දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන ක්‍රමවත් කරගැනීම උදෙසාත්, ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීම සඳහාත්, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වන සියලු පාර්ශවයන් සමන්විත ජාතික කමිටුවක් ජනවාරි මස අවසන් වීමට පෙර පිහිටුවීමට වෛද්‍ය මහීපාල මහතා එකඟ විය. වන්ධ්‍යාකරණයට ලක් කරන සතුන් හඳුනාගැනීම සඳහා අමාත්‍යාංශය විසින් යෝජනා කොට ඇති ක්‍රමවේදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ යම් යම් අඩුපාඩු පැවතුණත් වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතාගේ හේතු පැහැදිළි කිරීමෙන් පසුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සංගමයේ එකඟතාවය පළවිය.

පළාත් මට්ටමෙන් සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු සඳහා ටෙන්ඩර්පත් කැදවීමේදී සිදුකරන අඩුපාඩු සම්බන්ධයෙනුත්, පළාත් මට්ටමෙන් වන්ධ්‍යාකරණ කටයුතු සඳහා මුදල් ලබාදීමේදී වන ප්‍රමාදයන් සම්බන්ධයෙනුත් සංගමය විසින් වෛද්‍ය මහීපාල මහතා වෙත කරුණු ඉදිරිපත් කරන ලදී. 2010 වසරේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර පවත්වන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ඔහු ප්‍රකාශ කර සිටි නමුත් පළාත් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අදාල කටයුතු වල වගකීම සම්පූර්ණයෙන්ම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණීම අපගේ වගකීම බව ඔහු අවධාරණය කර සිටියේය.

2008 හා 2009 වසර වලදී සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී වෛද්‍ය මහීපාල මහතා විසින් ලබාදුන් සහයෝගය සැමදෙනාගේම පැසසුමට ලක්විය.

සුභ නව වසරක් වේවා!
සතුන්ට ආදරය කරන, සතුන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය කැප කරන හිතාදර ඔබ සැමට සාමය සතුට ආදරය පිරි සුභ නව වසරක් වේවා!

May this year be a peaceful and happy one for you, who love animals, who dedicate their invaluable time, effort and money for protect the lives of animals.

මොණරාගල නර්සින් හෝම් අධිපතිගේ බීමතින් පහරදීම හෙලාදකිමු
2009 දෙසැම්බර් මස 05 වන දින මොණරාගල නගරයේ අයාලේ යන සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය කිරීමේ පශු වෛද්‍ය සායනයක් මොණරාගල රෝහල් භූමියේ ක්‍රියාත්මක විය. අයාලේ යන සුනඛයන් ඇල්ලීම සඳහා අපගේ කණ්ඩායමක් නගරය පුරා උදෑසන සිට රාජකාරි වල නිරත විය. එදින සවස මොණරාගල නර්සින් හෝම් අසළදී සුනඛයෙකු ඇල්ලීම සඳහා නිර්වින්දන එන්නත් ලබාදුන් පසු එතැනට පැමිණි මොණරාගල නර්සින් හෝම් අධිපති රත්නායක මුදියන්සේලාගේ ආරියසිරි නැමැත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළ රාජකාරියක නිරතව සිටි අ‍පගේ සේවකයාට කොලරයෙන් ඇද දරුණු ලෙස මුහුණට පහර දෙන ලදී. එම මොහොතේ ආරියසිරි නැමැත්තා අධික ලෙස බීමත්ව සිටි අතර මේ පිළිබඳව අප මොණරාගල පොලිසිය වෙත සවස හතරට පමණ පැමිණිල්ලක් කළ අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිතුමා පොලිස් කණ්ඩායමක් යවා ඔහුව පොලිසිය වෙත රැගෙන එන ලදී. ඔහු විසින් කරන ලද ක්‍රියාවේ බරපතලකම තේරුම්ගත් ඔහු පොලිසිය ඉදිරියේ පහරදුන් තැනැත්තාගෙන් සමාව අයැද සිටි අතර ඔහුට සිදු කළ අනතුර සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමටද එකඟ විය. නැවත වරක් එවැනි වැරදි නොකරන පොරොන්දුව මත ඔහුට සමාව ලබාදුන් අතර ඉදිරියේදී සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන් සඳහා සුනඛයන් ඇල්ලීමට යන අවස්ථා වල අපගේ සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සමග කතා කළ යුතු බවද අපට හැඟුණි.

මෙම සිදුවීම සිදුවූ වහාම සිරස මාධ්‍ය ජාලයේ නිමේධ මහතාට දුරකථනයෙන් දන්වන ලද අතර මෙවැනි සිදුවීම් යළි නොවන්නට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිරස මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරයක් ලබාදීම ගැන අප ඔහුට අපගේ ස්තූතිය පුද කරන්නෙමු.

මොණරාගල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු අනෙකුත් පොලිස් නිළධාරින් අපගේ පැමිණිල්ල ලද විගසම ක්‍රියාත්මක වූ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය කටයුත්තකි. මෙවැනි ආදර්ශමත් පොලිස් නිළධාරින් පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයකි.

ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවක් ලබාගැනීමට සෞඛ්‍ය ඇමතිතුමාට ඉල්ලීමක්
ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතු‍වේ වෛද්‍ය චමිත් නානායක්කාර 2009-11-26 වන දින ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් සහිත ලිපියක් ගරු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වෙත භාරදෙන ලදී.

එදිනම එම ලිපියේ පිටපත් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය කහඳලියනගේ, අතිරේක ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය පී. ජී. මහීපාල මහත්වරුන් වෙතත් භාරදෙන ලදී.

ලිපියේ PDF ගොනුව ලබාගන්න

අහිංසක සත්ත්ව ජීවිත සුරැකීමට සැමවිටම කැපවෙන ඔබට අපගේ උපහාරය
සුනඛයන්ගේ, බළලුන්ගේ ජීවිත ගැන පමණක් නොව අහිංසක මරණය වෙත කැන්දාගෙන යන අහිංසක ගවයන්ගේ ජීවිත වලට පවා වටිනාකමක් ලබාදීමට කටයුතු කරන ඇය ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටළු නිරාකරණය කරගැනීමට පවා නිරතුරුවම දායක වෙමින් අපට ශක්තියක් විය.  2009 නොවැම්බර් මස 22 දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ වෛද්‍යවරුන් හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සවන් දීමටත්, සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීමේදී ඔවුන්ගේ ජීවිත වලට නිසි වටිනාකම ලබාදෙන දෙස ඉල්ලා සිටීමටත් ඇය අප හා එක්විය. ඇය වෙන කිසිවෙකු නොව ගරු සෞඛ්‍ය ඇමතිතුමාගේ බිරිඳ වන අයිරාංගනී ද සිල්වා මහත්මියයි. ඇය මෙන්ම නිරතුරුවම අපට ශක්තියක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාකා තිලකරත්න මහත්මියගේ වටිනා අදහස්ද පශු වෛද්‍ය එකමුතුවේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා බොහෝ වැදගත් විය.

ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව බිහිවේ
ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහනට සම්බන්ධ සියලු දිස්ත්‍රික්ක වල පශු වෛද්‍ය නියෝජිතයන්ගේ හමුවක් 2009 නොවැම්බර් මස 22 දින කොළඹ 3 ගුරුගෙදර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වන්ධ්‍යාකරණ කටයුතු කරගෙන යෑමේදී පවත්නා ගැටළු සහ අනාගත අභියෝග ජය ගත යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර වන්ධ්‍යාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකාව පුරාම කණ්ඩායමක් ලෙස එක්වී කටයුතු කිරීමේ වැදගත්කම සැමදෙනාටම අවධාරණය වී තිබීම නිසා ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව ලෙස සංවිධානගත වීමට තීරණය විය. මෙම සංවිධානයේ කැඳවුම්කරු ලෙස වෛද්‍ය පුබුදු සමරවීර මහතා තෝරා පත්කරගන්නා ලද අතර සියලු දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයන් මෙහිදී පත්කරගන්නා ලදී. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය උෂාන් පල්ලේගම මහතාත් මෙම අවස්ථාවට සහභාගී විය.

දිස්ත්‍රික් නියෝජිතයින්

මහනුවර ‍- වෛද්‍ය ජේ. ආර්. අනුරංග බණ්ඩාර

මාතලේ - වෛද්‍ය ඩී. ජී. යූ. සාගරතිලක

නුවරඑළිය - වෛද්‍ය කේ. එම්. මිලින්ද කොල්ලැල්පිටිය

කෑගල්ල - වෛද්‍ය නිෂාන්ත විජේසේකර

රත්නපුර - වෛද්‍ය පී. රනිල් කුමාරතිස්ස

බදුල්ල - වෛද්‍ය එස්. සමීර මලලසේකර

මොණරාගල - වෛද්‍ය එම්. ඩී. එම්. අනුර කුමාර

කුරුණෑගල - වෛද්‍ය උදය විජේවර්ධන

පුත්තලම - වෛද්‍ය ධම්මික පෙරේරා

මඩකලපුව - වෛද්‍ය කේ. කාර්තිපන්

අම්පාර - වෛද්‍ය හෙට්ටිහේවා ගමගේ

මාතර/හම්බන්තොට - වෛද්‍ය එම්. ටී. මාගමගේ

ගාල්ල - වෛද්‍ය තුෂාර සූරසේන

අනුරාධපුරය - වෛද්‍ය කේ. එස්. කණිෂ්ක

පොළොන්නරුව - වෛද්‍ය ඒ. කේ. එම්. ප්‍රනාන්දු

කොළඹ - වෛද්‍ය උපුල් දයාරත්න

ගම්පහ - වෛද්‍ය ඩබ්. එස්. කේ. ගමගේ

කළුතර	- වෛද්‍ය ඩී. එස්. ප්‍රේමචන්ද්‍ර

මෙම සංවිධානය ලෙස හැකි ඉක්මණින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරින් සමග ගැටළු නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡාවක් ලබාගැනීමට තීරණය විය.