Search
A Member of CPEC
Membership No: CP/KY/2009/0003
2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් එහි ආරම්භය, දැනට ලබා ඇති ප්‍රගතිය හා ඉදිරියේදී ජලභීතිකා රෝගය සහමුලින්ම මුලිනුපුටා දැමීම සඳහා ඇති අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ නිළධාරින් දැනුවත් කිරීමේ හා ඔවුන්ගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් 2009 නොවැම්බර් මස 20 දින රාත්‍රී 7.00 ට කොළඹ Organization of Professionals Associations ගොඩනැගිල්ලේදී පැවැත්විණි. ශ්‍රී ලංකා [...]
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය අමුණුගම මහත්මියගේ ආරාධනයෙන් අද දින උදෑසන 9.30 ට ගන්නොරුව එම දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට රැස්වූ වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන් හා රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් මධ්‍යම පළාත තුළ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා පහත සඳහන් ඉතා වැදගත් ප්‍රායෝගික [...]
”2008 වර්ෂයේ ආරම්භ වූ ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට ලංකාව පුරා බොහොමයක් දිස්ත‍්‍රික්ක වල ඉතාමත් සාර්ථකව ක‍්‍රියාත්මක වේ. පශු වෛද්‍යවරුන් තිස් හත් දෙනෙකුගෙන් සමන්විත අප සංවිධානය මෙම වන්ධ්‍යාකරණ වැඩසටහනෙන් 90% පමණ දායකත්වයක් දරමින් දැනට පළාත් පහක දිස්ත‍්‍රික්ක නවයක වන්ධ්‍යාකරණ කටයුතු සිදුකරයි. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව මගින් මෙම වැඩසටහන අධීක්ෂණය කොට [...]
ජලභීතිකා රෝග මර්ධන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට අදාලව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංගමයේ සභාපති වෛද්‍ය උදය විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2009 නොවැම්බර් මස 10 දින කුරුණෑගල, පොල්ගහවෙලදී පැවැත්විණි. දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පහත සඳහන් යෝජනා හා ක්‍රියාමාර්ග වලට ඉදිරියේදී එළඹීමට තීරණය විය. 2008 වසරේ ආරම්භ වූ ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට ඉතා [...]
Canine Distemper වෛරසය සුනඛයන් අතර ඉතා ඉක්මණින් සුළඟ මගින් පැතිරී යන වෛරස් රෝගයකි. මෙම වෛරසය ආහාර ජීර්ණ පද්ධතියට, ශ්වසන පද්ධතියට හා ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි කරයි. ටික දිනක් තුළ සුනඛයන් අවාසනාවන්ත ලෙස දුක් විඳ මියයයි. මෙම රෝගය Paramyxovirus වෛරසය මගින් පැතිරේ. ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රදේශ වල විටින් විට වසංගතයක් ලෙස පැතිරී යන මෙම [...]
මාරාන්තික රෝගයක් වන ජලභීතිකාව පහසුවෙන් වළක්වාගත හැකි රෝගී තත්ත්වයක් නිසා අකාලයේ මියයන වටිනා මිනිස් ජීවිත රැකගැනීමට ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් අතර සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීමේ වැඩසටහන අනාගතයට ඉමහත් ඵලදායී, ප්‍රායෝගික, ප්‍රමුඛ වැඩසටහනක් වශයෙන් හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින කුඩා දිවයිනක මිනිස් ජනගහණයෙන් 8:1 වඩා වැඩි සුනඛ ගහණයක් සිටින බව සමීක්ෂණ වලින් [...]
2009 ඔක්තෝබර් මස 22 වෙනිදා ජාතික ජලභීතිකා සමාලෝචන රැස්වීමේදී සුනඛ පිරිමි සතුන් වන්ධ්‍යාකරණය කිරීම නොවැම්බර් මස 1 දින සිට නතර කිරීමට හදිසි තීරණයක් ගෙන ඇත. සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ඉතා සාර්ථකව කෙරීගෙන යන මෙම අවස්ථාවේ වසර අවසන් වීමට මාස දෙකක පමණ සුළු කාලයක් ඉතිරිව තිබියදී, මෙවැනි හදිසි තීරණ ගැනීම පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පළකරන්නෙමු. එම නිසා [...]
ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ ජීවත් වන අප එක් සතෙකුගේ ජීවිතය විනාශ කොට තවකෙකුට සහනය උදා කිරීමට කිසිවිටෙක කැමති නොවන්නෙමු. සුනඛයන් විනාශ කරමින් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා පිළියම් සොයමින් අතීතය පුරා කළ ව්‍යායාමයන් සාර්ථක නොවීම හා සුනඛයන් මරා දැමීම නොකළ යුතුය යන විරෝධය නිසා මේ වන විට සුනඛ ගහණ පාලනය උදෙසා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ලංකාවේ [...]