By Vetsforfuture + March 7th, 2012
නැවත දැනුම් දෙන තුරු පුත්තලම ලුණු ඔයේ මසුන් හා ජලය පරිභෝජනය කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, එහි මසුන් හදිසියේම මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය. පසුගිය දින කිහිපය තුළ පුත්තලම ලුණුඔයෙහි මසුන් විශාල වශයෙන් මියගොස් සිටී. උපුල් [...]
By Vetsforfuture + February 26th, 2012
හබරණ ප්‍රදේශයේදී අලුයම දුම්රියක ගැටී වන අලියකු මියගොස් තිබේ. දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ, කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වූ නගරාන්තර ශ්‍රීඝගාමී දුම්රියේ ගැටී එම අලියා මියගොස් ඇත බවයි. ඒ හේතුවෙන් දුම්රිය ධාවනය පැය එක හමාරක් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව ද පාලක මැදිරිය පැවසීය.
By Vetsforfuture + February 7th, 2012
මීමැසි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් කෑගල්ල ගලිගමුව යට්ටෝගොඩ, යටාලතිස්ස විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ. කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඒ. හේමාවතී හාමිනේ පැවසුවේ, මීමැසි ප්‍රහාරයෙන් පාසලේ විදුහල්පතිවරයා, ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු හා සිසුන් හතරදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. පාසලේ නිවාසන්තර ක්‍රිඩා සඳහා දරු දැරියන් සුදානම්ව සිටියදී එම මී මැසි ප්‍රහාරය එල්ල වී තිබේ.
By Vetsforfuture + February 6th, 2012
සුළු ව්‍යාධිජනක කුකුළු ප්‍රතික්ෂා වෛරසය හඳුනාගත් බිංගිරිය ප්‍රදේශයේ ගොවිපලේ කුකුලන් විනාශ කෙරිණි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කුමාර ද සිල්වා පැවසුවේ අධිකරණ නියෝගයකින් අනතුරුව මෙම පියවර ගත් බවය. කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ බිත්තර නිෂ්පාදන ගොවිපලක කුකුලන් මිය යාමට පටන් ගෙන තිබුණේ දින කිහිපයක සිටය. එහි කුකලන් 5000කට ආසන්න සංඛ්‍යාවක් සිටි බව වාර්තා විය. මේ [...]
By Vetsforfuture + February 6th, 2012
ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය බවට එල්ල වූ චෝදනාවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි රත්මලාන දුම්රිය අංගනයේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයාට දඬ නියම කෙරිණ. ඒ අදාළ නඩුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය. අධිකරණයේ පෙනී නොසිටීමේ වරදට රුපියල් හත්දහස් පන්සියයක දඩයක් විත්තිකරුට නියම කළ අධිකරණය මදුරු කීටයන් [...]
By Vetsforfuture + January 30th, 2012
රාගම ප්‍රදේශයේ වගුරුබිමක තණකොළ කැපිමට ගිය පුද්ගලයෙකු කිඹුලන් සපා කැමෙන් මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ ඔහුගේ සිරුරේ පාදයක් පමණක් එම වගුරුබිමේ තිබියදි ඊයේ සොයාගත් බවය. සිරුරේ අනෙක් කොටස් සියල්ල ම කිඹුලන් විසින් සපා කා ඇති බව පොලිසිය සදහන් කළේය. ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අංජුල උදය කුමාර නැමති අයෙකි. මොහු තණකොළ කපා [...]
By Vetsforfuture + January 30th, 2012
නීති විරෝධීලෙස ගජමුතු දෙකක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු ලාහුගලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති බවය එම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොතුවිල් භාරදී තිබේ