3
7
Jan

සුනඛ වන්ධ්‍යාකරණ වැඩපිළිවෙල

අභියෝගාත්මක ආරම්භය

රැබ්ඩෝ වර්ගයට අයත් වෛරසයක් මගින් බෝවන ජලභීතිකා රෝගය මාරාන්තිකයි. සුවකළ නොහැක. සියලූම උණුසුම් රුධිරය ඇති සතුන්ගෙන් බෝවේ. ලංකාවේ වසරකට මිනිසුන් 50 – 60 අතර ප‍්‍රමාණයක් මෙම රෝගයෙන් මිය යයි. ලංකාවේ මිනිසුන්ට වැඩි වශයෙන් රෝගය බෝවීමට හේතු වන්නේ සුනඛයන් සපාකෑමයි. දෙවනුව බළලූන් සපාකෑම නිසාත්, වනසතුන්ගේ සපාකෑමත් හේතුවක් විය හැක.

වසරකට මිලියන 600 ක පමණ විශාල මුදල් ප‍්‍රමාණයක් සතුන් සපාකෑමෙන් පසු ලබාදෙන එන්නත් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වැයකරයි.

මෙම රෝගය වළක්වා ගැනීම සඳහා

1. සුනඛ ගහණය හා බළල් ගහණය බෝවීම පාලනය කිරීම
2. රෝගය වැළඳිය හැකි සියලූ සුරතල් සතුන් සඳහා ජලභීතිකා එන්නත ලබාදීම
3. ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම
4. සතුන් සපාකෑ රෝගීන් සඳහා නිසි වෛμ උපදෙස් හා ප‍්‍රතිකාර ලබාදීම

ප‍්‍රධාන වශයෙන් සිදුකළ යුතුය. සුනඛ ගහණය පාලනය කිරීමට 2004 වසරට පෙර වසරකට සුනඛයන් 100,000 පමණ මරාදැමුවත් ජලභීතිකා රෝගය අඩුවීමක් දක්නට නොලැබිණි. 2004 වසරේ බුද්ධ ජයන්තිය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා සුනඛයන් මරාදැමීම නතර කොට සුනඛ ගහණය පාලනය කිරීමට මානුෂික ක‍්‍රමයක් හඳුන්වා දිය යුතු බව අවධාරණය කරන ලදී. 2005 වසරේදී ජාතික සුනඛ ගහණ පාලන කමිටුව පත් කළ ගරු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සුනඛ ගහණය පාලනය කිරීමේ මානුෂික ක‍්‍රමයක් හඳුන්වා දීමේ මූලික අඩිතාලම දමන ලදී.

2006 වසරේදී සුනඛයන් වන්ධ්‍යාකරණය කරමින් ගහණය පාලනය කිරීමේ ආකෘතියක් මහනුවර උඩුනුවර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කොට 2007 වසරේදී සාර්ථකව අවසන් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයුම් කමිටුව (Steering Committee) වෙත ඉදිරිපත් කරන ලද අතර මෙම ක‍්‍රමවේදයේ සාර්ථකභාවය හා ප‍්‍රායෝගිකබව සලකා බැලූ ගරු ඇමතිතුමා ඇතුළු කමිටුව 2008 වසරේදී සුනඛ වන්ධ්‍යාකරණය වෙනුවෙන් අයවැයෙන් රුපියල් මිලියන 93 ක මුදලක් වෙන් කරගැනීමට කටයුතු කරන ලදී. 2008 වසරේදී මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදු කළ බැවින් 2009 හා 2010 වසර වල මිලියන 150 බැගින් වෙන් කරන ලදී.

2008 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ මෙම වැඩසටහන පළාත් තුළ ක‍්‍රියාත්මක කිරීම විශාල
අභියෝගයක් විය.

1. ඉතා අඩු පහසුකම් තත්ත්වයන් යටතේ සුනඛ්‍යන් විශාල ප‍්‍රමාණයක් වන්ධ්‍යාකරණය කිරීම
2. ලෝකයේ පළමු වතාවට මෙවැනි වැඩසටහනක් ක‍්‍රියාත්මක වන බැවින් පූර්වාදර්ශයක් නොතිබීම
3. රජය මගින් එක් සතෙක් වෙනුවෙන් වෙන්කළ රුපියල් 500 ක මුදල ප‍්‍රමාණවත් නොවීම
4. සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීමට අත්දැකීම් බහුල පශු වෛද්‍යවරුන්ගේ හිඟය
5. පුහුණු සහයකයන්, සුනඛයන් ඇල්ලීම සඳහා කම්කරුවන් හා සුනඛයන් ඇල්ලීමේ පැහැදිළි ක‍්‍රමවේදයක් නොතිබීම
6. රජයේ පශු වෛද්‍යවරුන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා අඩුවීම
7. වැඩසටහන පිළිබඳව අවබෝධයක් නොතිබීම නිසා සුනඛයන් වන්ධ්‍යාකරණයට කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිවූ විරෝධය
8. තමන්ට විදේශයන්ගෙන් ලැබෙන වරප‍්‍රසාද අඩුවන නිසා මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට බලා සිටි සුනඛ
9. සුභසාධන රාජ්‍ය නොවන සංවිධාන


අප්‍රතිහත ධෛර්යයෙන්




3 Awesome Responses.

  • B.Thebak ,trincomalee

    Its a very fantastic job that you are doing .As we see all data you published, we are able to find the aim and target of your association. Usually all take care about their family and themselves.But what you are doing is really a wonderful thing to the country. We wish you all the best to achieve your target very soon. We are very sure that our country will be free of Rabies one day.

  • Nanda Abewickrama

    I am really happy about your achievement. This information important for public awareness as well as for research and developments of the sector.

  • Sandaruwan

    Please release these information to the public by publishing in news papers too.Therfore the general pubilc as well as the Ministers in this country will think twice before listening to certain people who works on achieving their personal targets by misleading our Hon.Ministers.

Leave a Reply